පිස්සාට ජංගමයක්. Yet another Mobile saga
filed in මගේ ගැන, වර්ගීකරණය නොකළ on ජූලි.18, 2009
ඔව්. කාලෙකට ඉස්සර කවදාවත් ජංගමයක් පාවිච්චි කරන්නෙ නෑ කියල ප්‍රතිපත්තියක හිටපු එකා අති සාර්තක අන්දමින් දෙවෙනි වරටත්, තමාට එක ප්‍රතිපත්තියක ඉන්න බැරි බව ඔප්පු කලා.
පහුගිය දවස් ටිකේ කරපු වැඩ ටිකක් සාර්ථක වෙච්ච නිසාත්. අතැරලා දාපු ව්‍යාපෘතියකින් නොහිතූ ප්‍රතිපලයක් ලැබුනු නිසාත් අතට පොඩි මුදලක් වැඩිපුර තියාගන්න ලැබුනා. ලැප් අරමුදලත් මාසිකව යවන්න ඕනෙ මුදල යැව්වාම 15ක් විතර ඉතුරුයි. ‘සමහරුන්ට’ නම් බොහොම පොඩි ගාණක් උනාට අපිට සැලකිය යුතු මුදලක් නෙව.
දැන් තමයි අමාරුම හරිය. මේකෙන් මොකද්ද කොරන්නෙ කියන එක. මුලින්ම ගියේ මගේ ඉන්ටර්නෙට් අවුලට විසඳූමක් හොයාගෙන. HSDPA එක් ගන්නවමයි කියල ගියත් එතන (මොබිටෙල්) එකේ ‘අක්කලයි’ ‘මාමලයි’ කිව්ව බය හිතෙන කථා ඇහැව්වාම ඕනෙ නෑ කියල හිතුන. අපේ පැත්තෙන් ආපු පලවෙනි රික්වෙස්ට් එකලු (යකෝ මම ම කලින් ආවා), ගොඩක් වෙලාවට වැඩකරන එක නෑ කියල තමයි කිව්වෙ.කාගෙන්හරි HSDPA එක් අරන් බලන්ටෙයි කිව්වත් අපි ඉතින් ‘කාගෙන්’ ඉල්ලන්නද? ලග පාත් කිසි එකෙක්ට මට තියෙන උණ නැහැ නොවෑ.
ඔහොම වැනි වැනි ඉන්නකොට අම්ම තමයි වැඩේ මාට්ටු කලේ. කොහොමත් මට කෝල් කරන්න අමාරුයි. යන තැනකින් අල්ලගන්න අමාරුයි, ලෑන්ඩ් ෆෝන් එක නිදහස් වෙලාවක් නෑ කියන පැමිණිලි නිසා. ෆෝන් එක් ගතයුතු මයි . කියල නියෝගකොලා. ඒ වෙනකොට මටත් බස් වල මගතොටේ කාලෙ කාගන්න විදියක් නැතුව හිටියෙ. ලැපත් නැති නිසා. ෆෝන් එකකට වඩා මට ඕනෙ උනේ මගේ නෝට්ස්, ඉවෙන්ට්ස්, මේල් එහෙම එක්කහු කරගෙන යන්ට පුලුවන් දෙයක්. පොඩ් කාස්ට් උණත් සෑහෙන්න තියෙනව නෙව.
කලින් අමාරුම හරියක් කිව්වට දැං තමයි අමාරුම x 10 හරිය. කිසිදවසක ෆෝන් එක් ගන්න මෙච්චර අමාරුයි කියල හිතුනෙ නැහැ. ඕනෙ වෙලාවක ගෙහුං ගන්ට පුලුවන් බඩ්ඩක් හැටියටනෙ හිතං හිටියෙ. වැඩේට බැස්සාමයි රග තේරුනේ. අපිට ඕනෙ පහසුකම් තියෙන අපේ බජැට්ටුවට ගැලපෙන එක් හොයාගන්ට බැහැනෙව. (මතකනෙ අතේ තිබ්බෙ 15යි) ටැක් කථා වලින් ඉන්දරේ අයියගෙන් SE පෝර්න් කිං නාගයා අයියාගෙන් ඇතුලු මෙකී නොකී හැම එකාගෙන්ම අහල අහල. ෆෝන් මාරකැට්ටුව ගැන දල අදාසක් අරන් තමා හොයන්න බැස්සෙ. මුලින්ම හෙව්වෙ G502 එකක්. මොකද ඒකෙ HSDPA එක් තියෙනව නෙව. ගාල්ලෙ ඒව බේතකට තියා මැරෙන්න ගියත් හොයාගන්න බෑ. කොලොම්පුරෙත් එහෙමයි කියල මට කලින් පෝර්න් සවාරියෙ ගිය ඉන්දරේ අයිය කිව්වෙ.
දැං ඉතින් වෙන කුමක් කරන්නද… ආආආද(නෑ ඉතුරු ටික අදාල නෑ_)
කරන්න දෙයක් නැති නිසා මොක්හරි 3ජි ෆෝන් එකක් ගන්නව කියල ආයෙත් ගාල්ලෙ හැම ෆෝන් කඩේකටම රිංගුවා. ෆෝන් නම් තියෙනව. ඒත් අපිට ඕනෙ පහසුකම් කෝ. ඇහුවාම ‘
———-
මම -3ගූ පෝර්න් තියෙනවැයි
සෑල්ස් මෑන් – ඔව් සර් මේක තමයි ලේටැස් ම පැසොං එක. මේකෙන් සිංදු අහන්න පුලුවන්, වැල බලන්න පුලුවන්, මල් කඩන්න පුලුවන් දවස ගානක්.
මම – නවත්ත ගනින් බං.. මට ඔය අටල්පහුරු වැඩක් නෑ. RSS තියෙනවැයි.
සෑල්ස් මෑන් – දන්නෑ සෑර්. ලොක්ක පාඩං කොරෝපුව විතරයි නෙව දන්නෙ. පොඩ්ඩක් ඉඳහං කොංටැක් කොරන්න…
ට්‍රීං ට්‍රීං………. ට්‍රීං ට්‍රීං……….
සෑල්ස් මෑන් – මචං මේ එක H$^%$@ @$%^#$% ඇවිල්ල මොනවද අහනො බං තෝ දීපිය උත්තර.
මේන්න සෑර් අපෙ ලොක්කා.
මම -හැලෝ මේ **** පෝර්න් එකේ RSS තියෙනවැයි.
එහාපැත්තෙං – මෙහෙනං විකුණන්නෑ සෑර්. එහාකඩේ බලනවද? උන් තමයි ඔය ජරා එව්ව කරන්නෙ
මම -අනේ උඹෙ නෝනට හැම නියං කාලෙකම වතුර ලැබියං, මාව මෙච්චර වෙලා තියං හිටියට
————-
ඔන්න ඉතිං ඔහොම පෝර්න් කෙරුවාව එපාවීගෙන යනකොට. ගාල්ලෙ පරණ බස් නැවතුම්පොල පැත්තට යැවුනා. මෙන්න බොලේ අඩි 6 බෆල් දාගෙන අලුත් පෝර්න් ශොප් එක් ඇරලා. ගාල්ලෙ හැම වැඩක්ම කරන UKG උන් පෝර්න් වැඩේටත් අතගහලා. මම ගියේ දෙවෙනි දවසෙලු. ඒක නිසා ප්‍රමෝශනල් මිල අඩු කිරීමක් දෙන්ට පුලුවන් ලු.
අඩුවට දෙනවනං දෙමල පත්තරෙත් කොපි දෙක්ම ඕනෑ.
එතන මගේ අවශ්‍යතාවලට ගැලපෙන පෝර්න් දෙක් තිබ්බ. කඩේ එකත් දැනුමක් තේරුමක් තියෙන එකෙක්. මගේ වැල්වටාරම් අහං ඉඳල. පොත් පෙරලලා පෙරලලා හොයාදුන්නෙ.. එකක් නොකියා 3120. ඒකෙ හැඩෙ මට ඇල්ලුවෙ නෑ.. මෙනු එහෙමත් ඡා.බබා ගතියක් තිබ්බෙ. තිරේ නම් ලොකුයි. ඒත් උබුන්ටු වාගේ. යූසර් ෆ්රෙන්ඩ්ලි වැඩියි. ඒත් මෙලෝ රහක් නෑ. නොකියා වලට මගේ තියෙන අකැමැත්ත ඒකට හේතු වෙන්ට ඇති. කැමරෙකෙත් කියන්න තරම් හොඳක් තිබ්බෙ නෑ නොවෑ. ගඩොල් කාලක්. (ඒත් ‘සමහරුන්ට’ ඒක එළ ලු)
ඊලග එක නියමෙට හිතට ඇල්ලුවා.. SE එකක් සාපේක්ශව කැතයි වගේ උනත් මගේ රලු පාවිච්චිය දරාගන්ට පුලුවන් ගතියක් තිබ්බ. කැමරෙක බැලුවාම තවත් සිරා. 3.2 එකක්. ඩිස්ප්ලේ එක නම් ටිකක් පොඩියි. ඒත් අවුලක් නෑ. සාක්කුවට ගැලපෙනව.
ටැස්ටිං වලට දාපු මගේ සිම් එකත් එතනම දාල. කෙලික්ම දිව්වෙ කැෆේ එකකට. ගිහින් පුලුවන් තරම් යූසර් රිවීව්ස් කියෙව්වා. ට්විට් කලා.. අවුලක් නෑ වගේ.. පොසිටිව් රිවීව්ස් තමා ලැබුනෙ. නෙගෙටිව් කියල ආවෙ. රත් වීමයි (SE කොහොමත් එහෙමනෙ) MOR එකේ අලේකුයි විතරයි. මම පැය ගණන් මල් කඩන්නෙ නැති නිසා MOR එක අවුලක් නෑ.
ආපහු ගියා සොප් එකට. දීපිය ඕක.. සල්ලි දික් කලාම තමයි මතක් උනේ ලිනක්ස් එක්ක මේක කොහොමද කියල බලන්න බැරිඋනා කියල.සාමාන්‍යෙන් SE වල අවුලක් නැති උනත් පස්සෙ විස්සෝප වෙන්නෙ බෑ නෙ. ආපහු දුවන්න හදනකොට. සෑර් සෑර්. මෙහෙත් නෙට් සමග මැසිමක් ඇත කිව්ව… ඉතිං ආයෙ මොනවද. රිවීව්ස් එහෙමත් බලල. කනෙක්ට් කරල. ට්විට් එකකුත් දාල (හික්) බැලුව.. ගොඩ…
ගාණ 15 800යි. 900ක ලෝන් එක් දාල තව සීයක කාර්ඩ් එකකුත් ගත්තා. ඔන්න දැං පිස්සත් ජංගමහිමියෙක්.
මෙන්න කෑල්ල (ඔව් දැන් මේක හරියට හොරගෑනි වගේ, මැසිං එක ලග නැති වෙලාවට මේකෙ එල්ලිලා. දෙකෙන්ම එකම වැඩේ පුලුවන් නෙව හික්. හැබැයි වියදම වැඩියි. (අනියම් උනාම එහෙම තමා)
ඇත්තම පික්ස්. (ටේකන් බයි ඩැනියාස් කැම්)

(podcast උණට පිලියමක්.. යන එන ගමන් ෆ්ලොස් වීක්ලි)

(taken at a udugama bus.)
දැන් දන්නවනෙ. මොකද්ද මොඩැල් එක කියල. සෝනි එරික්සන් K770i. ඉන්දරේ අයියාත් සාකුන්තල අයියාගෙත් තියෙන්නෙ මේකමයි (දන්න තරමින්)
ආපු ගමන් අත පය තියාගෙන ඉන්ට බැරුව ප්ලෑස් කොරන්න ගියා.. ප්‍රතිපල තාම අවිනිශ්චිත නිසා පස්සෙ කියන්නම් ඒ ගැන.
තාමත් ප්‍රයිමරි පෝර්න් එක ගෙදර එකම තමයි. දැනුත් බොක්ස් වලින් කෝල් ගන්නව (පිස්සු වැඩක් තමයි)
මේකෙ කැමරාවත් සෑහෙන්න හොඳ නිසා මේ දවස් වල අලුත්ම බ්ලොග් ට්‍රෙන්ඩ් එක වෙන පොටෝ බ්ලොග් එකක් පටං ගන්න aදාසක් තියෙනව. (මේ බ්ලොග් එක පටං ගත්ත කාලෙ ඉඳල පොටෝ ඇල්බම් එකක් තිබ්බත් හරියට අප්ඩේට් කලේ නෑ. කැමරාවක් නැති නිසා).
=========
අමතක උනා..
මෙන්න මගේ වෝල්පේපර් එක

මෙන්න රින්ග් ටෝන් එක (ඉන්ග්‍රීසි F අකුරෙන් පටන් ගන්නා වදන් ඇත) හැකීම ගැන සිංදුවකි එළැ
http://www.catonmat.net/blog/musical-geek-friday-hax-that-fsck/


මම දැක්ක විදියට ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි වින්ඩෝස් වල තරම් ඩවුන්ලෝඩ් මැනේජර සොයා ගන්න අපාසු වීම. ගූගල් කලොත් ඕනෙ තරම් හොයාගන්ට පුලුවන්. ඒත් ගොඩක් අයට මොකක් තෝරගන්නද කියන ගටලුව එනවනෙ, මම හිතන්නෙ මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි,
කරුණාකර මෙය කියවීමට පෙර
මා උදාහරණයක් ලෙස ගන්නම් වින්ඩෝස්, මුලින්ම ගුරුවරුන් ට පොවනවා පරිගණක නම් වින්ඩෝස් යැයි කියා (මම හොඳින්ම දන්නේ මගේ මවත් එම වැඩමුලු වලට සහභාගී වුනු ගුරුවරියක් නිසා) (ඇයට එම සුලු වැඩමුලු කිහිපයෙන් ලත් බලපෑම මගහැරවීම ඉතා අසීරු උනා) ඊටපසු පාසල් සිසුන්ට ත් දෙන්නේ එයයි. සැකයක් ඇත්නම් සාපෙ 2008 තොරතුරු තාක්ශනය සඳහා ගුරුවරුන්ට දුන් විශය නිර්දේශය/පෙළපොත බලන්න.එහි මයික්‍රොසොෆ්ට් සමාගමට අභියෝගයක් විය හැකි වාක්‍යයක් වත් අඩංගුද ? අපට උගැන්වූයේ එයයි. යමක් සොයන තැනැත්තා එහා ලොවක් දුටුවත් කීයෙන් කීදෙනාද එසේ වෙන්නේ? (උදා අප පාසලින්ම ලිනක්ස් භාවිතා කරන්නේ මා පමණයී)අපට මයික්‍රොසොෆ්ට් මෘදුකාංගවලින් පිට දැනුමක් පාසලින් ගත නොහැකියි. එනම් මයික්‍රොසොෆ්ට් සමාගමේ අන් අය යටපත් කර තම ගොඩ වැඩිකර ගැනීමේ ක්‍රියාවලියේ සාර්තකත්වය නොවේද ? ඔබ මෙයට සිනාසිය හැකියි. ඒ අප බොහෝදෙනා භාවිත කරන්නේ අනවසර මෘදුකාංග නිසයි. ඒයට වැයවන සුලු මුදල නිසා ඔබ සිනාසිය හැකියි. එහෙත් අනවසර මෘදුකාංග නොමැති දින අර පාසලෙන් ඇතිවූ ඇබ්බැහිය නිසා කීදෙනෙක් මයික්‍රොසොෆ්ට් සමාගමට මුදල් ගෙවයිද ?මේ දෙයම රජයේ කාර්යාල වලටත් අදාලයි
